චන්නට ගැලපෙන පෙම්වතිය පූජා - ගයත‍්‍රි ඩයස්


සැමියා සහ දරුවන් ඇගේ ජීවිතයයි. ඔවුන්ට ප‍්‍රාණ සමව ආදරය කරන මුත් ඇගේ සැමියා පාසලට අලූතින්ම පැමිණි සොඳුරුතම යුවතිය සමඟ ආදර සබඳතාවක් ඇතිකර ගනී. එය ආරංචි වූ පසු වියරු වැටුණත් අවසානයේ ඇය හා කතා බහ කරගෙන එම ගැටලූ සමථයකට පත් කර ගැනීමට තරම් මේ ගැහැනිය ඉවසිලි සහගත විය.

 

Photos-For-Adv.-Prop

 


0101මේ දිරිය ගැහැනිය කව්ද?
Csk-(10)හිරු දරුවෝ ටෙලිනාට්‍යයෙන් හමුවන වන ජීවි නිලධාරියාගේ බිරිඳයි. අප දන්නා පරිදි ඇය ගයත‍්‍රි ඩයස්ය.


පොඩි මාමාගේ මරණයෙන් පසුව දේපළ ඔහුගේ පුතණුවන්ට හිමිකර ගන්නට නොදී විවිධ උප්පරවැට්ටි යොදන ආඩම්බරකාර ගැහැනිය ද ඇය මය.
හිරු දරුවෝහි සනත් විමලසිරිගේද, පොඩි මාමාහි නිරෝෂන් විජේසිංහගේ ද ආදරණීය බිරිඳ වන ගයත‍්‍රිගේ සැබෑ ජීවිතයේ සැමියා වන්නේ චන්න පෙරේරාය.


මේ දවස්වල දිවයින පුරා සිනමාහල් රැුසක අසීමිත පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර මැද තිරගත වන කල්පාන්තේ සිහිනයක් චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ ද ප‍්‍රධාන නළුවා ද වන්නේ චන්නය.
එබැවින්ම අපට ගයත‍්‍රි සමඟ කතාබහ කරගන්නට තිබෙන කාරණා බොහොමයකි.

 


0101 ”ගයත‍්‍රි ඔයා කාලයක් රංගනයෙන් ඈත් වෙලා හිටියෙ මොකද?”
මම ගයත‍්‍රි සමඟ කතාබහ අරඹමින් ඇසුවෙමි.

”මම නිළියක් විතරක් නෙමෙයි, රූපවාහිනී නාළිකාවක චමත්කාර ඉරිදා වැඩසටහන ඉදිරිපත් කරන නිවේදිකාව මම. ඒ වගේම මගේ සැලූන් එකේ කාන්තාවන් ලස්සන කරන වැඩ කරනවා. ඒ වගේම මගේ දරු දෙන්නගෙ වැඩ කරන්න තියෙනවා. ලොකු දුව මෙදා පාර  ඕලෙවල් කරනවා. පොඩි දුව තුනේ පන්තියෙ. මේ දෙන්නගෙ වැඩවලටත් මගේ කාලය මිඩංගු වුණා. ඔය හේතු හින්දයි මම රංගනයෙන් ඈත් වෙලා හිටියේ.

 


0101 එතකොට එකපාරටම ආයෙත් රඟපෑමට එන්න හිතුනෙ?
දැන් දුලා දෙන්නා ලොකුයි. ඒ හින්දා ආපහු රංගනයට කාලයක් හොයාගන්න මට පුළුවන්කම ලැබුණා. ඒ හින්දා හිරු දරුවෝ ටෙලිනාට්‍යයෙත් පොඩි මාමා ටෙලිනාට්‍යයෙත් රඟපාන්න සම්බන්ධ වුණා.

 


0101 රූපලාවන්‍ය ශිල්පිනිය, නිවේදිකාව හා නිළිය යන මේ භූමිකා තුනෙන් වැඩියෙන්ම කැමති භූමිකාව මොකක්ද?
”මේ තුනටම එකවාගේම කැමතියි. ඒ හින්දා කාල වේලාව අනුව මේ තුනේම යෙදෙන්නයි හිතාගෙන ඉන්නෙ.
ඔබේ ස්වාමිපුරුෂයා අධ්‍යක්ෂණය කළ කල්පාන්තේ සිහිනයක් චිත‍්‍රපටිය මේ දිනවල ප‍්‍රදර්ශනය වෙනවා. ගයත‍්‍රි ඔයා ඒක බැලූවද?
ඔව්, බැලූවා

 

Csk-(3)

 

0101 කොහොමද?
ලස්සනයි

ඒකේ චන්න බොහොම ලස්සනට පෙම් රැුඟුම් රඟපානවා. කොහොමද චන්නගෙ ඒ රැඟුම් ගැන ඔබට දැනෙන්නෙ.

චන්න ඔයිට වැඩියෙ වෙනස් විදිහෙ චරිතයක් රඟපානවා නම් මම හුඟාක් කැමතියි.

ඒ කියන්නෙ තාමත් චන්න පෙම්වතා විදිහට රඟපානවාට ඔයා කැමති නෑ.

එහෙම අකමැත්තක් නෑ. මම කිව්වෙ මගේ කැමැත්ත.

 


0101 නමුත් චන්න තවමත් ලාබාල කෙල්ලො එක්ක තුරුල් වෙවී පෙම් කරන කොට ගයත‍්‍රිට ඊර්ෂ්‍යා හිතෙනව නේද?
ඉස්සර නම් එහෙම හිතුනා. නමුත් දැන් මම ඉන්නෙ එහෙම ඊර්ෂ්‍යා හිතෙන වයසක නෙමෙයි. මම දැන් ඒ වයස පහුකරලා.

 

 

0101 චන්න දරුවො දෙන්නෙකුගෙ තාත්තෙක්. කොල්ලො කරන වැඩ දැන් නතර කළොත් නේද හොඳ?
චන්නට තාම තරුණ පෙනුම තියෙනවා. ඒ හින්දා එයාට පෙම්වතාගෙ චරිතය රඟපාන්න පුළුවන්. ඒ නිසා ඒකෙ වරදක් මම දකින්නෙ නෑ. රඟපෑම චන්නගෙ රැකියාවනෙ.

Csk-(10)

 


0101 හොඳයි චන්නට ගැලපෙනම පෙම්වතිය කවුරු කියල ද ගයත‍්‍රිට හිතෙන්නෙ?
”මම නම් කැමතිම කාංචනා මෙන්ඩිස්ට, හැබැයි දැන්නම් පූජා හොඳයි කියලා හිතෙනවා.”

 


0101 එතකොට යශෝධා විමලධර්ම, චතුරිකා පීරිස්, චයිත‍්‍රා චන්ද්‍රනාත් චන්නට ගැලපෙන්නෙ නැද්ද?

නොගැලපෙනවා නෙමෙයි, මං කිව්වෙ හොඳම කෙනා.

ඒත් චන්න නම් දවසක් දා කිව්වෙ යශෝධා චන්නට හරියටම ගැලපුණා කියලා.

ඒ චන්නට හිතෙන හැටි, මං කිව්වෙ මට හිතෙන හැටි.

 


0101 හොඳයි එතකොට ගයත‍්‍රි ඩයස්, එයා චන්නට ගැලපෙන පෙම්වතියක් නොවෙයිද?
චන්න ගයත‍්‍රි ගැලපුණේ ඉස්සර. මම දැන් චන්නගෙ බිරිඳ මිස පෙම්වතිය නෙමෙයි

 


0101 චන්න චිත‍්‍රපටි කිහිපයක්ම කළා. අංජලිකා කළා. ඔයාට චරිතයක් දුන්නෙ නෑ. කල්පාන්තේ සිහිනයක් කළා. ඒකෙත් ඔයාට චරිතයක් නෑ. ඇයි ඒ? ඔයාගෙ රඟපෑම් චන්නට එපා වෙලාද? 
මාව පේන මානෙ තියාගෙන චන්නට වෙන නිළියො එක්ක පෙම් රැඟුම් රඟපාන්න බැරුව ඇති මං හිතන්නෙ. නැතත් ප‍්‍රධාන චරිතයට වෙනත්් නිළියො අරගෙන මට සුළු චරිත දුන්නොත් මම කොහොමටවත් චන්නගෙ චිත‍්‍රපටිවල රඟපාන්නෙ නෑ. මම ගයාත‍්‍රි ඩයස්.

 


0101 මට පේන්නෙ දෙන්න දෙමහල්ලො විරසකවෙලා වගේ? 
අනිත් පවුල්වල තියෙනව වගේ පොඩි පොඩි ප‍්‍රශ්න නම් අපේ ගෙදරත් තියෙනවා....  ඕව කතා බහ කරලා හරි රණ්ඩු වෙලා හරි විසඳ ගන්නවා.... ඒවා කල් පවතින විරසක නෙමෙයි. බත් හැලිය ඉදෙනකම් විතරක් තියෙන විරසක.

 


0101 එහෙනම් උන් හිටි ගමන් වෙබ් අඩවිවල ඔය දෙන්න දික්කසාද වුණා, දික්කසාද වෙන්න ගියා කියලා ප‍්‍රවෘත්ති පළවෙන්නෙ?
පුංචි සිද්ධියක් වෙච්ච ගමන්  ඕවා වෙබ් අඩවිවලට දෙන්නෙ කව්ද දන්නෙ නෑ. මොකක් හරි දෙයක් වෙලා ඒකට විසඳුමක් හොයනවා මිසක දික්කසාද වෙලා හරියනවද? දික්කසාද වුණාම සියලූම ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙනවද? නැහැනෙ.

කොහොම වුණත් ඔය කටකථා අපි නම් ගණන් ගන්නෙවත් නැහැ.  ඕනෙ කෙනෙක් වෙබ් අඩවිවල  ඕනෙ එකක් දාගත්ත දෙන්. අපිට මොකද?

 

Photos-For-Adv.-Prop01

shanthakumara