චන්දිමාල් අයි.පී.එල්. ආරාධනා ප‍්‍රතික්ෂේප කරයි


ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක දිනේෂ් චන්දිමාල්ට ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්.) කණ්ඩායම් දෙකකින් ලැබුණු ආරාධනා ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් සහ පූනේ වෝරියස් යන කණ්ඩායම්වලින් මෙවර තරගාවලියට සහභාගි වන ලෙස චන්දිමාල්ගෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේදී ඉදිරි මාස දෙකක කාලයේ තමන්ට විශේෂ පුහුණු සැසියකට සහභාගි වීමට ඇති බව චන්දිමාල් දන්වා ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.