රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක ශූරතා තරගාවලියේ දෙවැනි දිනයේ පැවති පළමු තරගයෙන් පකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාල කණ්ඩායම පරදවා කඩුලූ 8 ක පහසු ජයක් ලබාගැනීමට චන්දිගාර් විශ්ව විද්‍යාල කණ්ඩායම සමත්විය.
කරච්චි විශ්ව විද්‍යාල කණ්ඩායමේ අමරා හසන් පන්දු 59 කදී ලකුණු 85 ක් රැස්කිරීමට සමත්විය. ඔහුගේ වේගවත් ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත්විය.
පාකිස්තානයේ ජයග‍්‍රහණ බලාපොරොත්තු සුන් කළ චන්දිගාර් විශ්ව විද්‍යාල කණ්ඩායමේ ජස්කරන් සිං පන්දු 44 කදී ලකුණු 75 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි.
කරච්චි විශ්ව විද්‍යාල කණ්ඩායම ඕවර 20 තුළදී කඩුලූ 9 ක් දැවී 138
(අමරා හසන් නොදැවී 85, අබ්දුල් ජබාර් 10, ගුරින්දර් සිං 4/27, විශ්වාෂ් කතක් 25/2, ටටන් සිං 34/2)
චන්දිගාර් විශ්ව විද්‍යාල කණ්ඩායම ඕවර 15.4 ක් තුළදී කඩුලූ 2 ක් දැවී 139
(ජස්කරන් සිං 75, දීපාක් ශර්මා 28, සිම්රන් සිං නොදැවී 15, කුනාල් මහජාන් නොදැවී 14)