චන්දිගාර් - කරච්චි විශ්ව විද්‍යාල අවසන් පූර්ව වටයට එති


අන්තර් විශ්ව විද්‍යාල ලෝක ශූරතා කි‍්‍රකට් තරගාවලියේ ඉන්දියාවේ චන්දිගාර් විශ්ව විද්‍යාල කණ්ඩායමට එරෙහිව තමන් සහභාගීවූ අවසන් තරය කඩුලූ 4 කින් ජයගනිමින් ‘ඒ’ කාණ්ඩයෙන් තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාල කණ්ඩායම අද (4 වැනිදා) සමත්විය.

එම කාණ්ඩයෙන් අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා සිටි අනිත් කණ්ඩායම වන්නේ ඉන්දියාවේ චන්දිගාර් විශ්ව විද්‍යාල කණ්ඩායමයි.

දක්ෂ පිති හරඹයක නිරතවූ චන්දිගාර් කණ්ඩායමේ ගුරින්දර් සිං පන්දු 56 කින් නොදැවී 101 ක් රැස්කළේය. ඔහුගේ වේගවත් ඉනිමට හයේ පහර 9 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත්විය.

චන්දිගාර් විශ්ව විද්‍යාල කණ්ඩායම  ඕවර 20 තළදී කඩුලූ 7 ක් දැවී 180
(ගුරින්දර් සිං නොදැවී 101, ජස්කරන් සිං 57, ශෂීබ් ඛාන් 35/2)

කරච්චි විශ්ව විද්‍යාල කණ්ඩායම  ඕවර 19.2 ක් තළදී කඩුලූ 6 ක් දැවී 182
(අමර් හසන් 18, නබීල් ඛලීඞ් නොදැවී 51, රමීස් අසීස් 34, අබ්ඩුල් ඛාන් 33, සිම්රන් සිං 19/2)