චන්ද්‍රිකාත් මහින්දත් ශ්‍රීලනිප රැස්වීමට?


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (13) ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයේ දී රැස් විය.

  ඉදිරි මැතිවරණය ගැන සාකච්ඡා වූ බවත්, අද ගත් තීරණ සෙනසුරාදා (14) විධායක කාරක සභාවේ දී සාකච්ඡා කිරීමට නියමිත බවත්, ඉන් පසු අපේ ගම පරිශ්‍රයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේ දී වැදගත් තීරණ රැසක් හෙළි කිරීමට නියමිත බවත් මධ්‍යම කාරක සභාවට  පැමිණි හිටපු ඇමැතිවරු කිහිප දෙනෙක් කීහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ එම රැස්වීමට   හිටපු ජනපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට සහ මහින්ද රාජපක්ෂ මහතාට ද ආරාධනා කර ඇති බවයි.