චන්ද්‍රිකාටත් අල්ලස් පැමිණිල්ලක්


චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පාර්ශවකරුවන්   ජෝන් කීල්ස් සමාගමට කොළඹ වරායේ අක්කර 10 ක බිමක් නැව්වලට තෙල් සැපයීමේ කටයුතු සඳහා පෞද්ගලික අංශයට පැවරූ ආකාරය වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කළත් වසර ගණනාවක් යනතුරු නීතිපති රහස් පොලිසිය හා අල්ලස් කොමසාරිස් ඒ සම්බන්ධයෙන් කිසිත් ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර හා විමල් වීරවංශ මහත්වරු අද (30) අල්ලස් කොමිසමට යළිත් සිහි කැඳවීමක් කළහ.

නානායක්කාර මහතා පැවසුයේ තමා 2007 දී හිටපු ජනපතිනිය ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අනුව එම ගනුදෙනුව නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ බවයි. ඒ අනුව ජෝන් කීල්ස් සමාගමෙන් එම ඉඩම යළි පවරාගත් බවද සේවකයනට වන්දි ගෙවූ බවද එහෙත් වැරදි කළවුන්ට මෙතෙක් දඬුවම් දී නැති බවද එය ශ්‍රේෂ්ඨාධිකරණ නීතිය කඩකිරීමක් බවද ඔහු කියයි.

(වීඩියෝ සනත් ඩෙස්මන්)

(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)

RDS_5501 RDS_5505 RDS_5513

(වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ඡායාරූප ස හ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා