චන්ද්‍රිකාගෙන් ජාතික ආණ්ඩු යෝජනාවක්


හැම පක්ෂයකම සිටින ශ්‍රේෂ්ඨ මිනිසුන් කිහිප දෙනා එකතුකරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතුව ඇතැයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මහනුවරදී කීවාය.
මහනුවර පුෂ්පදාන ශාලාවේ පැවැති විජය කුමාරතුංග ගුණ සමරු උත්සවයට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිනිය එසේ කීවාය.
අද සමහරු මට කතා කරන්නත් බයයි. මා සමග කතා කරන්නත් එපා කියා උපදෙස් දී තිබෙනවා. යුද්ධය දිනුවේ මගේ ආණ්ඩුව කාලේ ගෙනා අවි ආයුදවලින්. ඒක ෆොන්සේකා මහත්තයත් දන්නවා. අප කෆීර් ගෙන්නුවා. එක් යානාවක් කෝටි 150ක් වටිනවා. අප එහෙම මුදල් වැය කරලත් රජයේ සේවක පඩිය පස් ගුණයකින් වැඩි කළා.