කියුබාවේ හිටපු විප්ලවීය නායක මියගිය ෆිදෙල් කස්ත්‍රෝ වෙනුවෙන් කොළඹ පැවැති ශෝකය පළ කිරීමේ උත්සවය ජනපති මන්දිරයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතාගේ දේශනයක් ද කියුබාවේ මෙරට තානාපති ජුආනා එලීනා රාමොස් රුද්‍රිගු ගේ දේශනයක් ද එහිදී පැවැති අතර කියුබා නායකයා අගය කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද කථාවක් කළේය.
එදින පස්වරු 12.30 පමණ විට තවත් ආරාධිත අමුත්තියක් එහි පැමිණියේය. ඒ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. ඇය එහි එනවිට උත්සවය අවසන්වී තිබිණි. අමුත්තෝ දිවා ආහාරය සඳහා වාඩිවී සිටියහ.
ඇය ජනපතිනිය කාලයේ සිට ඕනෑම අවස්ථාවකට ප්‍රමාද වී යෑම ලෝක ප්‍රසිද්ධ කාරණයක් බව කවුරුත් කියති. එහි සිටි විදේශිකයකු කියා සිටියේ මියගිය කියුබා නායකයාට උපහාර දැක්වීමට පරක්කු ජනපතිනිය පැමිණි බවයි‘