චන්ද්‍රිකා ග්‍රාහක රේගුවේ හිරවේ


විදුලි සංදේශ නියමන කොමිසමේ අවසරයකින් තොරව  චන්ද්‍රිකා ග්‍රාහක  111 රැගෙන ඉන්දියාෙවේ චෙන්නායි නුවර සිට   පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරු නිතර නිතර  ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර යාම් ඊම් කරන බවත් මොහු මේවා විකිණීම සඳහා මෙරටට ගෙනවිත් ඇති බවත් රේගුව කරන ලද පරික්ෂණ වලින් අනාවරණය වී ඇත.

මෙහි වටිනාකම රුපියල් පන්ලක්ෂ පනස් පන් දහසකි. 

 රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන ඒ.ආර් සේනාධීර, එච්.එන් විජේතුංග සහ සහකාර රේගු අධිකාරීවරුන් වන අමල් සේනාධීර, තරිඳු ඉළේපෙරුම,  එසෙඩ්.ඒ අනීෆ්,  එස්.එම්.ඩී.එච් ධර්මසිරි යන නිලධාරීහු විමර්ශන සිදු කරති.