විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ආධාර පිණිස බේරුවල රැලියකට සහභාගීවී පළාත් සභා මන්ත්‍රී ඉස්තිකාර් ජෙනිල් මහතාගේ නිවසට රෑ කෑම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා හා පළාත් සභා මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ගිය අවස්ථාවේ ගෙට ගල් වරුසාවක් එල්ලවී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
මේ සිද්ධියෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආධාර කරුවන් සිව් දෙනකුටද වාහන 4කට ද නිවසටද ආලාබ හානිවී ඇතැයි කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර තිබේ.
ප්‍රහාරය එල්ල කරන්නට ඇත්තේ ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ මැර කණ්ඩායමක් බව සිරිසේන මහතාගේ ආධාරකරුවෝ කියති.
සාමය රැකීම සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබේ.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හෝ හිරුනිකා මෙනවියට තුවාල සිදුවී නැත.

