ලෝක කාන්තාවගේ තත්ත්වය පිළිබඳ කොමිසමේ 59 වන සැසියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කාන්තා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අද එම සැසිය ඇමතුවාය. එහිදී ශ්‍රී ලංකා කාන්තාවන් සම්බන්ධයෙන් හා ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියා මාර්ග ගැන මෙහිදි දීර්ඝ වශයෙන් ප්‍රකාශ කළාය. කාන්තා හිංසනය ගැන දැනුම්දීම සඳහා පිහිටුවා ඇති පොලිස් කාන්තා කාර්යංශය ගැන ද එම කොමිසමේ නිලධාරින් දැනුම්වත් කළාය.
නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානයේ පැවැත්වෙන මෙම සමුළුවට ලෝකයේ රටවල් 193ක කාන්තා කටයුතු පිළිබඳ මැති ඇමැතිවරුන් සහා සාමාජික සාමාජිකාවෝ සහභාගී වී සිටිති.

