චන්ද්‍රසිරි උතුරට පත් කළාට දෙමළ සන්ධානේ විරෝධය උතුරයි


උතුරු පළාත් සභාව අඩපණ කිරීමේ හා  හමුදාකරණය ඉදිරියට ගෙන යාමේ  අරමුණින් මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස  යළි පත් කැර ඇතැයි ද දෙමළ ජනයා කෙරේ රජයේ නොසැලකිල්ල එයින් පෙනෙතියි ද  දෙමළ  ජාතික සන්ධාන නායක ආර් සම්බන්දන් මහතා කියයි.

උතුරු පළාත් සභා ජනතාව,පසුගිය ඡන්දයේදී දුන් ප්‍රජාතන්ත්‍රවාදී පිළිතුර ද ,මහ ඇමැති සී වී විග්නේෂ්වරන්ට  ජනපති දුන් පොරොන්දුවද මෙයින් කඩ කර ඇතැයි ද සම්බන්ධන් මහතා පවසයි.

ඉවසීමෙන් කටයුතු කරන ලෙස දෙමළ ජනයාගෙන් ඉල්ලා සිටින බවත් මෙවැනි දේ වැඩිකල් නොපවතින බවත් මේ පත්වීම ගැන කනගාටුව හා කනස්සල්ල පළ කරන බවත් සම්බන්දන් මහතා සඳහන් කළේය.