තායිලන්තයේ ”කොන්කේන්” නගරයේදී පැවති 18 වැනි ආසියාතික ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලියේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කළ අනුරාධපුරයේ පළපුරුදු කී‍්‍රඩකයෝ දෙදෙනෙක් තරග ඉසව් දෙකකින් රන් පදක්කම් දිනා ගැනීමට සමත්වූහ.
ඒ රිටි පැනීමේ ඉසව්වෙන් ප‍්‍රථම ස්ථනය දිනාගත් එන්.ඩබ්ලිව්.ඒ. චන්ද්‍රපාල ද සිල්වා සහ මීටර් 5000 ඇවිදීමේ තරගයෙන් ප‍්‍රථම ස්ථානය හිමි කර ගත් කේ. චන්ද්‍රසේනයි.
රිටි පැනීමෙන් රන් පදක්කම දිනා ගත් චන්ද්‍රපාල ද සිලිවා අවුරුදු 60-64 අතර වයස් කාණ්ඩය නියෝජනය කළේය. ඔහු මීට පෙර ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රවීණයන්ගේ කී‍්‍රඩා තරගාවලි කිහිපයකටම ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් සහභාගි වී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා තිබේ. මෙවර ඔහු රන් පදක්කම් දිනා ගනු ලැබුවේ රටවල් 24කින් සහභාගි වූ ප‍්‍රවීණ කි‍්‍රඩකයන් පරාජයට පත් කරමිනි.
වයස 45-49 වයස් කාණ්ඩය නියෝජනය කරමින් මෙවර 18 වැනි ආසියාතික ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා උළෙලේ මීටර 5000 ඇවිදීමේ තරග ඉසව්වෙන් ප‍්‍රථම ස්ථානය හිමිකර ගෙන රන් පදක්කම් දිනාගත් කේ චන්ද්‍රසේන ප‍්‍රවීණයන්ගේ ජාත්‍යනතර මට්ටමේ මලල කී‍්‍රඩා තරගාවලියකට මෙවර සහභාගි වූයේ පළමු වතාවටය. පළමු වතාවේම ඔහු රන් පදක්මක් දිනා ගැනීමට සමත්වීම කැපී පෙනේ.
ලබන වසරේ ජනවාරි මාසයේ ජපානයේදී පැවැත්වීමට නියමිත 19 වැනි ආසියාතික ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටිති.