චන්දරතන නාහිමි චරිතාපදානය එළිදැක්වෙයි


ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පැරිස් ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ ස්වයං ලිඛිත චරිතාපදානය පැරිස් නුවරදී එළිදැක්විණි.

"අභියෝග ජයගත් තිස් තුන් වසරක ප්‍රංශයේ ජීවිතය" රචනා කර ඇති එම කෘතිය එදින ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාසේන හඟවත්ත වෙත පිරිනමනු ලැබීය.

ඔලුදලුවේ සිරි විභුති හිමි පැවසුවේ " පරාර්ථය උදෙසා ජීවිතකාලයෙන් වැඩි කොටසක් කැප කළ අයගේ ජීවන තොරතුරු අසන්නට හෝ කියවන්නට හෝ ලැබෙන්නේ කළාතුරකින් බවයි.

පරවාහැර චන්දරතන නාහිමියන්ගේ ස්‌වය ලිඛිත චරිතාපදානය එවන් කෘතියයකි.

මාතර පරවාහැර ග්‍රාමයෙහි උපන් චන්දරතන හිමියන් තරුණ වියේදීම ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ප්‍රංශයට වැඩම කරවුහ.

ධර්ම ග්‍රන්ථ ප්‍රංශ භාෂාවට පරිවර්තනය කිරීම, ප්‍රංශ බසින් ධර්ම දේශනා පැවැත්වීම, පොත් පත් සහ සඟරා මුද්‍රණය කර බෙදා හැරීම වැනි ධර්ම ශාස්ත්‍රීය සේවා උන්වහන්සේගේ මුලිකත්වයෙන් සිදුවූ ශාසනික සේවාවන් අතර වෙයි.

පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙදී පැවැත්වුන"අභියෝග ජයගත් තිස් තුන් වසරක ප්‍රංශයේ ජීවිතය" ග්‍රන්ථය එළිදැක්වීමේ  උත්සවය සඳහා පැරිස් නුවර ජේතවන විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක  මුරුංගස්යායේ ඥානිස්සර නාහිමි සහ පැරිස් ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති කෝ. ආනන්ද නාහිමි ඇතුළු මහාසංඝ රත්නය ද වැඩම කළහ.

 

1 2