(දයාසීලි ලියනගේ)
පළමු වන ශ්‍රේණියේ පන්තියක් සඳහා තෝරාගත යුතු සිසුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් ලබාදී ඇති චක්‍ර ලේඛ උපදෙස් නොසලකා හරිමින් 2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා සිසුන් 16,036ක් ප්‍රධාන පාසල්වලට ඇතුළත් කර ඇති බව විගණන වාර්තාවලින් අනාවරණය වී තිබේ.
වර්ෂ 2017 දී ජාතික පාසල් 109කට සිසුන් 6,337ක් ද, 2018 දී පාසල් 73කට සිසුන් 3,339ක් ද, 2019 දී පාසල් 81කට සිසුන් 6,366ක් ද, ඇතුළත් කර තිබෙන බව ජාතික විගණන කාර්යාලය 2019 වර්ෂය සඳහා නිකුත් කළ වාර්තාවේ සඳහන් කර ඇත.
ජාතික පාසල්වල අතරමැද ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ඉල්ලුම්පත් කැඳවමින් 2019 දී දැන්වීම් පළකර තිබූ අතර, පුරප්පාඩු නොතිබුණ ජාතික පාසල්වලට සිසුන් 428ක් ඇතුළත් කර තිබූ බවද එම වාර්තාව සඳහන් කරයි.
පුරප්පාඩු නොතිබූ පාසල්වලට සිසුන් ඇතුළත් කර තිබූ ආකාරය පහත දැක්වේ.


