රූපවාහිනියේ විකාශනය වූ චංගුමී (සුජාතා දියණිය) නාට්‍ය අළලා දෙහිවල කළුබෝවිල විදර්ශණ පබිලිෂර්ස් හි ජානක ඉනිමංකඩ විසින් ලියන ලද පොතේ අලෙවිය නතර කරන ලෙස කොළඹ වාණිජ මහා අධිකරණය අද අතුරු වාරණයක් නිකුත් කළේය.
දකුණු කොරියා ලේඛිකාවක වන යොන් හුං ලි විසින් රචිත නාට්‍යයේ විකාශන අයිතිය තමන් සතු බවත් එය බාහිර පාර්ශවයකට එහි කිසිම අයිතියක් නැති බවත් බුද්ධිමය දේපළ පනත යටතේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රුපියල් කෝටි පහක වන්දියක් ඉල්ලමින් මෙම නඩුව පවරා ඇත.
විනිසුරු ඊ.ඒ.ජී.ආර් අමරසේකර මහතා මාර්තු 13 වැනි දාට නඩුව කල් තැඹිය.