පාසල් රග්බි සංගමය ‘මයිලෝ’ අනුග‍්‍රහයන් සංවිධානය කරන වයස 20 න් පහළ පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලිය (2013) ආරම්භ කරමින් කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (2 වැනිදා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයෙන් ත‍්‍රිත්ව විදුහලට නිතරග ජයක් හිමිවිය.
‘ජනාධිපති’ කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයක් වූ මෙම තරගයට ඞී. එස්. සේනානායක විදුහල නොපැමිණීම හේතුවෙන් ත‍්‍රිත්ව විදුහලට ජය පිරිනැමුණු අතර ඒ අනුව ත‍්‍රිත්ව විදුහල මේ මස 9 වැනිදා අවසන් පූර්ව තරගයට සහභාගි වීමට නියමිතය.
තරගාවලියේ දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය වෙස්ලි විදුහල සහ විද්‍යා විදුහල විදුහල හෙට (3 වැනිදා) කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ.