
(සුමිත් පොතුපිටිය)
මුහුදු වෙරළේ ගිල්වා ඝාතනය කළ බවට සැක මළසිරුරක් කළුතර ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් පිටුපස මුහුදු වෙරලේ තිබී හමුවූ බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.
ශාරිරික අභ්‍යාසවල නිරත පියෙක් සහ දියණියක මළසිරුර දැක 119 ඔස්සේ කල දැනුම් දීමක් මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ .
මුහුදු වෙරලේ මුනින් අතට තබා හිස වැලිවලින් වසා ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී පෙනී යන බව පරීක්ෂණ සිදුකරන නිළධාරියෙක් කීය.
එම පුද්ගලයා වයස අවුරුදු 55 - 60 අතර වියේ පසුවන බවට සැකකරන අතර, ඔහුගේ අනන්‍යතාව හදුනා ගෙන නොමැති බවද පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තා බදපටිය සහිතව කළු දිග කලිසමක් සහ සුදු මේස් බැනියමක් ඇද සිටි.
කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ නිළධාරින් පරීක්ෂණ පවත්වති .

