
(ගයාන් සූරියආරච්චි)
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සොබනාහන්දි ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණියේ සුද්දා නැමැත්තාගේ මෙහෙයවීම මත පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට සූදානමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් ඊයේ (2) අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාලච්චේන ප්‍ර දේශයේ පදිංචි ‘මඩකලපුවේ රාජා‘ නමින් හදුන්වනු ලබන 36 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 ක් සහ මිලිග්‍රෑම් 900 ක් ද පොලිසිය භාරයට ගෙන ඇත.
සංවිධානාත්මක අපරාධකරුවකු වන කරන්දෙණියේ සුද්දා නැමැත්තාගේ මෙහෙයවීම යටතේ නාදුනන පුද්ගලයකු විසින් අත්අඩංගුවට ගත් සැකකරු යතුරුපැදියකින් මීටියාගොඩ ප්‍රදේශයට රැගෙනවිත් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු මීටියාගොඩ, ඩොමී ජයවර්ධන මාවත ප්‍රදේශයේ ලැගුම්හලක සිටියදී මීටියාගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙරද ගිනි අවියක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිරගතව සිටි අයකු බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් පරිදි ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්.ඒ.ඩී.ඊ.එල්. රන්දෙණිය මහතාගේ මෙහෙයවීම යටතේ මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

