ඝාතන සැකකරුවෝ හඳුනා ගැනෙති


මිනුවන්ගොඩ රන්බඩු අලෙවිහලක හිමිකරුවකු වූ ඩී එස් ශිරාස් මොහිදින් පසුගිය ජූලි හත් වැනි දා වෙඩි තබා ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවෝ දෙදෙනා සාක්කකිරුවන් විසින් අද (18) හඳුනාගැනීමේ පෙරට්ටුවක දී හඳුනාගනු ලැබූහ.

එම් එන් සුපුන් දයාරත්න සහ ආර් ඒ වරුණ ප්‍රභාත යන සැකකරුවෝ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා විසින් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.