දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ඝාතනය කිරීමේ සැලසුමකට හිටපු කොටි සාමාජිකයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම උතුරෙන් ආරක්ෂක හමුදාව ඉවත් නොකිරීමේ අරමුණින් සිදුකළ ක්‍රියාවක් දැයි සැක මතුවන බව උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය.
සුමන්තිරන් ඝාතනයට සැලසුම් කළ බව කියමින් මෑතකදී හිටපු කොටි සාමාජිකයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.මොවුන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මතයි. මෙනිසා මෙහි සත්‍යතාවක් පවතින්නේ දැයි මා දන්නේ නැහැ. මෙය උතුරු පළාත තුළ සිටින ආරක්ෂක හමුදාව ඉවත් නොකර තවදුරටත් රදවා ගැනීමේ උත්සහායක් මත සිදුවූවක්ද යන්න සැකයට තුඩු දෙන කරුණක්. පොලිසිය විසින් මොවුනව මත්ද්‍රව්‍ය චෝදනාවන් මත අධිකරණයට ඉදිරිපත් කළද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට චෝදනා ගොනුකර නැහැ.
මෙයමෙනිසා මෙහි තේරුම මොකක්ද? කුමන අරමුණකින් මේවා සිදුවන්නේද? මේ පැතිර යන කතා මොනවද? කියල සොයා බලන්න ඕනෑ. පසුගිය කාලයේත් කොටි සංවිධානය යළි හිස ඔසවන බව කියුවා.අන්තිමට කිසිවක් වුණේ නැති බවත් උතුරු මහ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

