ඝාතන උත්සාහයක් තියේ නම් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි


දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ඝාතනය කිරීමේ උත්සහායක් පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාකර නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවත් කොටි සංවිධානය මෙම සැලසුම කළේ යැයි හරියාකාරව නොදැන  පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම වැරදි බවත් දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් මහතා  පවසයි.

දෙමළ ජනතාව වෙනුවෙන් කටයුතු කරන සුමන්තිරන් මහතා ඝාතනය කිරීමට යම් පාර්ශවයක් උත්සාහ දරන්නේ නම් ඔවුන් කවුරුන්ද යන්න හඳුනාගනිමින් ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නමුත්  මේ සෑම ක්‍රියාවක්ම හරිසේ නොදැන කොටි සංවිධානය පිට පැටවීම අසාධාරණ ක්‍රියාවක් බවත් සිවාජිලිංගම් මහතා කීවේය.