(දයාරත්න ඇඹෝගම)
සිය බිරිද ඝාතනය කිරිමේ චෝදනා මත අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටි රැදිවියෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පලා ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ පලා ගොස් ඇත්තේ එප්පාවල,ඉහළ හල්මිල්ලෑව, පහ ගම්මානයේ පදිංචි 56 හැවිරිදි අයෙකි.
මෙම පුද්ගලයා මිට වසර කිහිපයකට පෙර සිය බිරිදි ඝාතනය කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබ අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින රැදවියෙකි. මේ සම්බන්ධයෙන් ඔහුට විරැද්ධව අනුරාධපුර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවති.

