ඝර්ම කලාප වෛද්‍ය සමුළුව මහනුවරදී


මදුරුවන් ඇතුළු සතුන්ගෙන් බෝවන මැලේරියා, ඩෙංගු, බරවා වැනි නිවර්තන කලාපීය රෝග සම්බන්ධ දැනුම හුවමාරු කරගැනීමේ සමුළුවක් අද (10) මහනුවර ඕක්රේ රිජන්සි හෝටලයේදී ආරම්භ විය.

දින දෙකක් පුරා පැවැත්වෙන සමුළුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නිවර්තන රෝග පිළිබඳ කලාපීය මධ්‍යස්ථානය සංවිධානය කර ඇති අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇමරිකාව, වියට්නාමය, ස්පාඤ්ඤය ආදී රටවල වෛද්‍ය විශේෂඥවරු ඊට එක්ව සිටිති.

එම රටවල රෝග පිළිබඳ දැනුම්වත්වීම, ප්‍රතිකාර විධි පිළිබඳව දැනුම බෙදාහදා ගැනීම ඒ සම්බන්ධ වැඩිදුර අධ්‍යයනය මෙහිදී සිදුකිරීමට නියමිත බව පේරාදෙණිය විඕව විද්‍යාලයයේ උපකුලපති මහාචාර්ය උපුල් බී.දිසානායක මහතා පැවසීය.

web_doc_20151210(1) web_doc_20151210(2) web_doc_20151210(3)