ගෝල්ඩන් කී තැන්පත් කරුවන්ට උසාවියෙන් අවවාද


ගැටුම් වලින් වැළැකී සිටින්නැයි ගෝල්ඩන් කී ක්‍රෙඩ්ටි කාඩ් නඩුවේ තැන්පත්කරුවනට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අවවාද කළාය.

නීතීවේදී සුමුදු හේවගේ මහතා කියා සිටියේ සමාගමේ අධිපති ලලිත් කොතලාවල මහතාගේ සමීප නෑයකු බව කියන මැකෝ  ව්‍යාජ තොරතුරු මගින් තැන්පත්කරුවන් අතර ආරවුල් ඇති කරන බවයි.

මේ නඩුවේ සැකකරියක වන සිසිලියා කොතලාවල අධිකරණය මග හැර සිටින්නීය.ඇය අත්අඩංගුවට ගැනීමට ඉන්ටපොල් වරෙන්තුවක් ද නිකුත් කැර ඇත.නඩුවේ සාක්කිකරුවන්ගේ ගණන 778 දෙනකි.

2001 දී රුපියල්  දහනව කෝටියකට වැඩි මුදලක් ද 2003 දී රුපියල් දාහත්කෝටියකට වැඩි මුදලක් ද  2004 දී රුපියල් විසි දෙකෝටියකට වැඩි මුදලක් ද 2005 දි රුපියල් අනුපන්කෝටියකට වැඩි මුදලක් ද 2006 දී  රුපියල් කෝටි එකසිය දහසයකට වැඩි මුදලක් ද  2007 දී අනු එක් කෝටියකට වැඩි මුදලක් ද 2008 පනස්නව කෝටියකට වැඩි මුදලක් ද වංචා කළැයි පැමිණිල්ලේ සඳහන් වේ.