ගෝමරන්කඩවල ප්‍රා සභාපති බාර වෙයි


 ගොමරන්කඩවලල පොලීසියේ නිලධරයින්ට බැන වැදුණ බව කියන ගොමරන්කඩවල ප්‍රදේශිය සභාපති එම් ඩී චන්දන විජිත කුමාර  නීතීඥවරයකු මාර්ගයෙන්  ත්‍රිකුණාමල අතිරේක මහෙස්ත්‍රාත් එස් සතීස්දරන් මහතා වෙත අද (23) බාර විය .

ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්ද නිකුත් කැර තිබිණි . අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔහු රුපියල් 75000 ක ශරීර ඇප මත මුදා හළේය.

 අගෝස්තු 26 වැනිදා අධිකරණයේ පෙනි සිටින්නැයිද ඔහුට නියෝග කළේය.