සුගතදාස පිටියේදී නිමාවට පත්වූ තේරීම් තරග සදහා සහභාගි නොවූ මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හය දෙනෙකු ආසියානු ගෝන් පී‍්‍ර මලල කී‍්‍රඩා තරග මාලාවෙන් ඉවත් කිරීමට ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමය තීරණය කර ඇතැයි වාර්තා වේ.
මෙවර ආසියානු ගෝන් පී‍්‍ර මලල කී‍්‍රඩා තරගමාලාව ලබන මැයි 4,8 හා 12 යන දිනවල බැංකොක් හා කොළඹ යන නගරවලදී පැවැතිවේ. එහිදී අවසන් අදියර මැයි 12 කොළඹ දී පැවැත්වීමට නියමිතය.
මේ වන විට තරගමාලාව ඉලක්ක කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 16 දෙනෙකුගෙන් සමංචිත සංචිතයක් මලල කී‍්‍රඩා තේරීම් කමිටුව ඉකුත්දා ප‍්‍රකාශයට පත් කළේය. කෙසේ වුවත් උස පැනීමේ කී‍්‍රඩක මංජුල කුමාර රෝගී තත්වයෙන් පසුවන බවද වාර්තා වේ.
ආසියානු ගෝන් පී‍්‍ර මලල කී‍්‍රඩා තරග මාලාවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙන ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්.
චමින්ද විජේකෝන් (මීටර 1500-පිරිමි), මංජුල කුමාර (උස පැනීම-පිරිමි), එන්.ආර්.සී. දිල්රුක්‍ෂි (මීටර් 800/1500-කාන්තා), හර්ෂණී විජේසිංහ (මීටර් 100-කඩුලූ), එන්.සී.ඞී. පි‍්‍රයදර්ශණී (දුර පැනීම-කාන්තා) හා දුලංජලී රණසිංහ (උස පැනීම-කාන්තා)