පදනමක් නැති චෝදනා නොකර යෝෂිත, නාමල් හා තමන් ගැන ක්‍රමානුකූලව පරික්ෂණ කරන්නැයිද තමාට වතු, ගෙවල්, රෝහල්, කොම්පැනි හා බැංකු ගිණුම් ඇතැයි කියනවාට වඩා ඒ ගැන සෙවීමට පොලිස් නිලධරයකු පත් කළහොත් ඔහුට පරීක්ෂණ සඳහා ලිපියක් අවශ්‍ය නම් එය දෙන්නට සූදානම් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ඡන්දයේදී ජනතාව ප්‍රතික්ෂේප කළ සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් ද ඇමැතිකමක්ද දීමට යන බවත් ඔහු කීවේය. මහනුවරට දළඳා මැදුරට ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවීමෙන් පසුව මාධ්‍ය අමතා එසේ කීවේය.



