2012 – 8- 7 හා 2015- 1- 8 අතර කාලයේදී ඇවන්ට්ගාඩ් මෙරිටයිම් සමාගම සමග එකතුවී රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදුකළැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශ අතිරේක ලේකම්වරියක හා ඇවන්ට්ගාඩ් සභාපති විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනකුට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ දී අද (31) නඩු පැවරීය.
ගිහාන් පිලපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ නඩුව ගොනු කළ අතර පහත සඳහන් අට දෙනා චෝදනා ලබති.
ගෝඨාභය රාජපක්ෂ, සුජාතා දමයන්ති ජයරත්න, රක්නා ලංකා සමාගමේ හමුදා සම්බන්ධීකරණ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත පියසිරි ප්‍රනාන්දු, කරුණාරත්න බී.ඒ.ගොඩකවෙල, සෝමතිලක දිසානායක, නිශ්ශංක යාපා සේනාධිපති, ජයනාත් කොළඹගේ, ජයරත්න පෙරේරා.
අල්ලස් කොමිසම ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අට දෙනාට පවරා ඇති නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ මින් මදවේලාවකට පෙර කැඳවිණි.
ඇවන්ගාඩ් සමාගමේ නඩුවක් බහා තබා ඇති බව පැවසූ මහේස්ත්‍රාත් මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ බ්‍රහස්පතින්දා (1) කැඳවන ලෙස නියෝග කළේය.