(මනෝ ප්‍රිය ගුණසේකර)
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ව සිටියේ දී කොල්ලුපිටිය පිත්තල මංසන්ධියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා කරමින් වසර 17 ක කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටි කොටි සාමාජිකයකු බව පවසන ඉජිනේරු වරයෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (16) නියම කළේය.
කොටි සාමාජිකයකු බව පවසන සිවලිංගම් ආරූරන් නැමැති මෙම ඉංජිනේරුවරයා සහකාර පොලිස් අධිකාරි සිසිල් ද සිල්වා මහතා හමුවේ කළ ප්‍රකාශය හැරෙන්න වෙනත් කිසිදු සාක්කියක් ඔහුට එරෙහිව නොමැති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කළ දැනුම්දීමක් සැලකිල්ලට ගත් විනිසුරුවරයා සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.
ගමන් ගත් මෝටර් රථයට මරාගෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධියට අදාළව චෝදනා ලබා සිටි සිවලිංගම් ආරූරන් නමැති විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

