මේ සතියේ තමාගේ කාලසටහන පහත පරිදි යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කරයි.
සඳුදා - අල්ලස් කොමිසම
අඟහරුවාදා - මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය
බදාදා - රහස් පොලිසිය
බ්‍රහස්පතින්දා - අල්ලස් කොමිසම
‘ඇප කැප වී උනන්දුවෙන් අවංකව කළ සේවයට උපහාර ලැබෙන්නේ මේ විදියටයි.‘ යනුවෙන් ඔහු එම ෆේස්බුක් පණිවිඩයේ සඳහන් කර තිබේ.
තමා බොදු බල සේනාවෙන් ඡන්දය ඉල්ලන බවට පැතිරයන කතාවල සත්‍යතාවක් නැතැයි ද, එම කතාව පළ කළ වෙබ් අඩවියක් තමාගෙන් සමාව ගෙන ඇතැයි ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

