මනෝප්‍රිය ගුණසේකර
ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන 49 ක් අවභාවිතා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පැවති නඩුව නොවැම්බර් 9 වැනි දා දක්වා අද (19) කල් තැබිණි.
එම නඩුව අද (19) ත්‍රිපුද්ගල මහාධිකරය කැඳවු අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කෙරිණි.