ගාල්ල වරායේ ඇවන්ට් ගාර්ඩ් පෞද්ගලික ආරක්ෂක සමාගමේ පාවෙන නැවේ අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසියේ ඉල්ලීම අනුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු නාවික හමුදාපතිවරයකු වන සෝමතිලක දිසානායක (ඇවන්ගාර්ඩ් විධායකයෙකි) හා මංජුල කුමාර යාපා හා කරුණාරත්න බණ්ඩා අධිකාරී එගොඩවෙලගේ එතෙර ගමන් තහනම් කරන ලෙස නියෝග කළාය.
මෙම නියෝගය ලද වහාම රහස් පොලිසිය කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධරයනට මේ ගැන දැන්වීය.

