ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 2006 වසරේ දී මිග් 27 ප්‍රහාරක යානා හතරක් මිලදී ගැනීමේ දී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් හා ලංකා හොස්පිටල් ආයතනයේ කොටස් අලෙවි කිරීමේ දී සිදුවීයැයි කියන වංචාවක් සම්බන්ධයෙන් කොල්ලුපිටියේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අද (20) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂගෙන් පැය හයක් පුරා ප්‍රශ්න කළේය.
මාධ්‍ය මගහරිමින් ඔහු රැගත් වාහනය කෙලින්ම කාර්යාලය ඇතුලටම ධාවනය කළ අතර ආපසු ගියේ ද ඒ ආකාරයටය. ගාලු පාරේ විශේෂ ආරක්ෂක විදිවිධාන යොදා තිබිණි.

