ගෝඨා මූල්‍ය අපරාධ විමර්ශන අංශයට කැඳවයි


2006 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ප්‍රහාරක යානා හතරක් මිලට ගැනීමේ දී සිදුවී යැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සහ ලංකා හොස්පිටල් ආයතනයේ හැරී ජයවර්ධන මහතාට අයත් කොටස් අලෙවි කිරීම ඇතුළු සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ආරපක්ෂ මහතා බදාදා (20) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න පසුගිය 11 වැනි දා ඔහු කැඳවා තිබිණි. එදින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවා තිබූ නිසා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණීමට නොහැකි බව ඔහු දැනුම් දුන් බව පොලිසිය කියයි.