කොළඹ බෞද්ධාලෝක මාවතේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට පැය තුන හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීම්වලට ලක් වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තනිවම අවුත් තනිවම නික්ම ගියේය.
ගිය වර මෙන් ඔහුගේ සහායට කිසිවෙක් නොවීය.
කැරලි මර්දන බලෑණියක් හා ජල ප්‍රහාරක රථ දෙකක් අසල අතුරුපාරවල නවතා තිබිණි.
කලින් ඔහු පැමිණි දිනයේ උසාවි නියෝගයක් ද නොතකා උද්ඝෝෂණය කළ ගිහි පැවිදි දෙපිරිසට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇත.
හිටපු රජයේ ප්‍රභල උපදේශකයන් ඇතුළු මහා සංඝරත්නය ද, හිටපු මන්ත්‍රීවරු ද ඇතුළු 27 දෙනෙක් ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඇප පිට සිටිති.
එදා මාධ්‍යයට කතා කළ ගෝඨාභය අද මාධ්‍යයට කතා කළේ ද නැත.
(වීඩියෝ සනත් ඩෙස්මන්)




