ගෝඨා ඝාතනයට තැත් කළැයි හිරේ දෙන්නෙකුට නඩු


ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් සමයේ වැලිකඩ හිරගෙදර දී ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි සුබ්‍රමනියම් සෙන්දුරන් හා ජගත් චන්ද්‍ර සමරතුංග යන දෙදෙනාට එරෙහිවය නීතිපතිවරයා මහාධිකරණයේ අද නඩු පැවරීය.

2006 ජූනි 15 සහ 2009 ජූනි 14 යන කාලයේ දී ඔවුන් කුමන්ත්‍රණය කළ බව චෝදනා පත්‍රයේ සඳහන් වේ.