හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණීමත් සමඟ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපිට මාර්ගයේ පෙළපාළියක් යන නිසා තුන්මුල්ල සහ බෞද්ධාලෝක මාවත අවහිර වී ඇතැයි පොලිසිය කියයි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ලේකම් කොමිසම මගින් ප්‍රශ්න කිරීමට එරෙහිව විරෝධය පාමින් මේ පෙළපාළිය පැවැත්වෙනුයේ අද එම පෙදෙසේ උද්ඝෝෂණ තහනම් කැර තිබිය දී ය.
අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණ කිරීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් උසාවිය බදාදා (23) නියෝගයක් ද නිකුත් කළේය.
ඡායාරූප - ලහිරු හර්ෂණ
ඡායාරූප - ගයාන් අමරසේකර
වීඩියෝ - ලහිරු හර්ෂණ













