ගෝඨා අභීත රණවිරුවන් සමරයි


 නිදහස අප දරුවන් උදෙසා ආරක්ෂා කර දීමටත්, ඔවුන්ට වඩා  යහපත් හෙටක් උදා කර දීමටත් දිවි හිමියෙක් කැප වී ලක් මව වෙනුවෙන් එක්ව නැගී සිටිමුයි  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18)ට යෙදී ඇති යුද ජය සැමරුම වෙනුවෙන් සිය ෆේස්බුක් පිටුවේ පණිවිඩයක් සටහන් කරමින් කියයි.

‘තිස් වසරක ශාපලත් යුද්ධය විජයග්‍රහණය කළ ඒ සුවිශේෂ දිනය අද දින අපි හය වැනි වරට සමරන්නෙමු. අප ආ මග යුද්ධය නිසා ජීවිත අහිමි වූ සහ තම ජීවිත අඳුරු වූ ජනතාව සමරමු. අපගේ අනාගතය යහපත් කිරීමට තම ජීවිත කැප කළ ඒ උදාර, අභීත විරුවන් සමරමු.ඔවුන් සහ ඔවුන්ගේ සමීපතමයන් කළ ඒ කැපවීමට කෘත ගුණ දක්වමු. ඔවුන් අපට ලබා දුන් ඒ උතුම් නිදහස ඉමහත් භක්ත්‍යාදරයෙන් විඳ ගනිමු. ‘