ගෝඨා අධිකරණයේ ස්වාධීනත්වය අගයයි


‘මම කිසිදිනක ශ්‍රී ලංකාව වෙනුවෙන් නිවැරදි දේ කිරීමට පසුබට වී නැත්තෙමි. රජයේ සේවකයෙකු වශයෙන් මගේ එකම හා ප්‍රමුඛ චේතනාව වුයේ මගේ හැකියා  යොදවා උපරිමයෙන් වගකීම් ඉටු කිරීමයි. එකල ලක් මව වෙනුවෙන් දිවි පිදූ සැබෑ දේශප්‍රේමින් හා තවත් බොහෝ පරිත්‍යාග කළ අය සමඟ, අපි අපේ මාතෘ භූමියේ තිස් වසරක ශාපලත් ත්රස්තවාදය තුරන් කිරීම ගැන ආඩම්බර වෙමු.මාගේ ජීවිතය පරදුවට තබා ඒ ගත් තීරණ ගැන මා කිසි විටෙකත් පසුතැවිලි නොවෙන අතර, ඒ නිසාම, නූපන් දරුවවන් සඳහා නව, නිදහස් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට අඩිතාලම දැමීමට හැකිවිය.‘ යි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුවේ ලියා ඇත.

‘අද දින, සත්‍ය වෙනුවෙන් නැගී සිටිමට ධෛර්යය තිබු ගෞරවනීය අධිකරණයට ඉතා නිහතමානීව හිස නමා ආචාර කරමි . තවද මා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායමේ නායක ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාටත්, නීතිඥ අලි සබ්රි මහතාටත් මගේ අවංක ස්තුතිය පුද කරමි.

එදත්, අදත්, හෙටත් මම ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කැප වී සිටින අතර මාහට දක්වන නොසැලෙන ආදරය හා සෙනෙහස ගැන හෘදයාංගම ස්තුතිය පුදකරමි ‘-  එන්.ජී.ආර්. (නන්දසේන ගෝඨාභය රාජපක්ෂ)