හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ඉවත් වීමට තීරණය කළේය .
විනිසුරු ජයවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවයි.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකර තිබුණා.
එම පෙත්සම විභාග කිරීම සඳහා පත්කර තිබුණේ ප්‍රියසාද් ඩෙප්, උපාලි අබේරත්න සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලයි.
පෙත්සම මැයි මස 25 වනදා පෙත්සම විභාගය යළි කැඳවීමට නියමිතය.

