ගොවීන් දෙන්නා මරුට


සියඹලාණ්ඩුව අම්පාර පාරේ කොටාගොඩදී අද අලුයම රිය අනතුරකින් පාපැදියක ගිය ගොවියන්  දෙදෙනකු මිය ගිය බව පොලීසිය කියයි.

එක් ගොවියකු එතැනදීම ද, අනෙක් ගොවියා රෝහලේදී ද මරුමුවට පත් වූ බවත් ඔවුන් හැපුණු වාහනය පළා ගොස් ඇති බවත් කියන පොලීසිය එම වාහනය අල්ලා ගැනීමට මෙහෙයුමක් අරඹා ඇත.