ගොවියෝ කෘෂි ඇමැතිගේ නිවස වටලති


රුපියල් 350ට පොහොර ද වී වලට සහතික මිලක්ද ඉල්ලමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනුරාධපුර නගරය සමීපයේ පිහිටි කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතාගේ නිවස වටලන්නට ගියේය.

කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සොයුරු රවී දිසානායක ගොවීන් හමුවට පැමිණ කියා සිටියේ තම සහෝදරයා කොළඹ ගොස් සිටින බවයි.

පොලිසියත් ‍ගොවි නියෝජිතයන්ට උපදෙස් දුන්නේ ඇමැතිවරයා ද ගෙදර නැති හෙයින් එතැන රැඳී සිටීමෙන් පලක් නොවන බවයි. ඔවුහු ඉන්පසු ගුවන්තොටුපළ පාරට ගොස් රැස්වීමක් පවත්වා විසිර ගියහ.

ගොවි සම්මේලනයේ සභාපති වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න, උප සභාපති සුසන්ත කුමාර නවරත්න මහත්වරු මේ උද්ඝෝෂණය මෙහෙයවූහ.

DSC02595[1] DSC02611[1] DSC02629[1] DSC02636[1]