කතරගම දේවාලය ආසන්නයේ අසේල හා භානු නැමැති අලින් දෙදෙනා ළඟ සිටි බව කියන ඇත් ගොව්වන් අතර ගැටුමක් වෙද්දී අලි දෙදෙනා කිරිවෙහෙර මාර්ගයේ දුවන්නට වුහ.
එක් අලියකු අභිනවාරාමයේද අනෙක් අලියා දේවාල භූමියේද බැඳ දැමීමට හැකි විය.
බස්නායක නිළමේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා කතරගම පොලීසියට කළ පැමිණිල්ලක් අනුව ගොව්වන් තිදෙනකු හා තවත් හතර දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

