ගොමහංදියෙ ඝාතකයා සුලමුල කියන්න ලෑස්තිවේ


අනුරාධපුර විහාරහල්මිල්ලෑවේ පංච පුද්ගල ඝාතන සැකකරු ජගත් කුමාර ලබන 10 වැනි දා පාපොච්ඡාරණයක් කිරීමට නියමිතය.

ත්‍රීරෝද රථයක ණය තුරු බේරා ගැනීම සඳහා මුදල් සොයා ඔහු මේ ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

බකමූණ කළුගඟ ගොම හංදියේ පදිංචිකරුවකු වන මොහු ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය.

නඩු භාණ්ඩ ලෙස ලේ තැවරුණු මන්නයක්, සොරකම් මුදලින් මිලට ගත් බව කියන රන් භාණ්ඩ හා ත්‍රීරෝද රථයක් ඉදිරිපත් කර ඇත.