ගොනා මස්කඩේට දුන් ‘ගොනාට‘ යස පාඩමක්


දඹුල්ලේ ව්‍යාපාරික සාලිය දයානන්ද මහතා සුරතලයට ඇති කළ ගොන් නාම්බකු තම ගව පට්ටියේ දෙනුන්ට ගැබ් ගැන්වීම සඳහා ඉල්ලාගෙන ගිය මිතුරකු එම ගොනා රුපියල් 80,000 කට  මස් කඩයට විකිණූ බව සැලවීමෙන් පසු ව්‍යාපාරිකයා මිතුරාට අමතක නොවන පාඩමක් ඉගැන්වීය.

ඔහු ලවා දඹුල්ලේ අඩු ආදායම් පන්සල් 30 කට රුපියල් 5000 ගණනේ රුපියල් ලක්ෂ එක හමාරක් පිනට දෙන ලෙසත් එසේ දුන් බවට හාමුදුරුවන්ගෙන් සහතිකයක් රැගෙන එන ලෙසත් ව්‍යාපාරිකයා මිතුරාට දැන්වීය.

මිතුරා එම සහතික ව්‍යාපාරිකයාට ඉදිරිපත් කළේය.