ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ II වැනි කාණ්ඩයෙන් තරග කරන ශී‍්‍ර ලංකාව සහ ලෙබනනය අතර පැවැත්වෙන තීරණාත්මක තරගයේ දෙවැනි කේවල තරගයෙන් 3-0 ක ජයක් ලබාගත් හර්ෂණ ගොඩමාන්නගේ ජයග‍්‍රහණය නිසා දෙරට අතර තරගය මේ වන විට පැවැත්වෙන තරගය 1-1 ක් ලෙසින් සමවී තිබේ.
කේ. අල්යාලි සමග සිකුරාදා පැවැති තරගයේදී ලකුණු 6/3, 6/3 සහ 6/2 ක් ලෙසින් ජයගැනීමට ගොඩමාන්න සමත් වූ අතර මෙහි පළමු වැනි තරගයේදී ශී‍්‍ර ලංකාවේ දිනේෂ්කාන්තන් තංගරාජ් ලෙබනනයේ බී. බීඩාස් හමුවේ පරාජය විය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම II වැනි කාණ්ඩයේ තවදුරටත් රැඳී සිටීමට නම් ලෙබනනයට එරෙහිව පැවැත්වෙන මෙම තරගය ජයගත යුතුය.
හර්ෂණ ගොඩමාන්න