
(අංජුල මහික වීරරත්න)
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මගින් ඉදිකිරීම් අමුද්‍රව්‍ය ආනයනය කිරීමට ඇති හැකියාව සොයා වාර්තාවක් දෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
අදාල වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා කීය.
ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා ඉදිකිරීම් අමුද්‍රව්‍ය ආනයන කිරීම මගින් සංවර්ධන කර්මාන්ත කරුවන්ට සාධාරණ මිලකට ඒවා ලබාදීමට හැකි අතරම ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවට අතිරේක ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබෙන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පැවසීය.
සහාධිපත්‍ය දේපළකරුවන්ගේ සංගමය සමඟ බත්තරමුල්ල, අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ සහාධිපත්‍ය කළමණාකරණ අධිකාරියේ සභාපති නීතීඥ සරණ කරුණාරත්න මහතා පෙන්වා දුන්නේ ඇමරිකා ඩොලරය සියයට 75න් පමණ අවප්‍රමාණය වී තිබියදීත් යකඩ, සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

