ගොඩනැගිලි අයදුම්පත‍්‍ර නාගරික සංවර්ධන අධිකාරිය වෙත යොමුකිරීම පරිගණකය හරහා කළ හැකි නව ක‍්‍රමවේදයක් ඉදිරි මාස තුන ඇතුළතදී හඳුන්වා දෙන බව මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේදී විශාල වශයෙන් අක‍්‍රමිකතා සිදුවන බවට පැමිණිලි ලැබී ඇති බවත්, මෙම තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම සඳහා නව ක‍්‍රමවේදයක් හඳුන්වා දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ගොඩනැගිලි අයදුම්පත පිරවීමේ සිට එය යොමු කිරීම දක්වාත්, වලංගු සහතික ක්‍රමවේදයකට යටත්ව එය අයදුම්කරු වෙත ලබාදීම සඳහාත් ආරක්‍ෂිත හා විධිමත් ඉලෙක්ට්‍රෝනික පරිගණක ගත ක‍්‍රමවේදයක් නාගරික සංවර්ධන අධිකාරිය මේ වනවිටත් සකස් කරමින් සිටින බව ද අමාත්‍යවරයා කීවේය.
ඇමැති පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ප‍්‍රතිසංස්කරණය කළ කෝට්ටේ අංගම්පිටිය ක‍්‍රීඩාංගනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
සියලූම නගර සහ උප නගරවල ඇති නීති විරෝධි ඉදිකිරීම් ඉදිරි හය මාසය ඇතුළත සංගණනය කරන ලෙස ද මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත.

