දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුමෙන්ද කඩුවෙල පිවිසුමෙන්ද අද අලුයම සිට වාර්තාගත වාහන සංඛ්‍යාවක් තිබූ බව අධිවේගී මාර්ග ආරංචි කියයි.
කිලෝමීටර එකහමාරක් දෙකක් පමණ දුරට ගොඩගම පෝලිම දක්නට ලැබුණු බව වාර්තා වේ.
අවසන් කිලෝමීටර පසුකර ගොඩගමට ළඟාවීම සඳහා තමාට පැයකුත් මිනිත්තු විස්සක් ගතවූ බව නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.කේ.කේ අතුකෝරාළ මහත්මිය කීවාය.
වැලිගම සිට ගොඩගම දක්වා යෑමට දෙපැයක් පමණ ගතවූ බව රියැදුරෝ කියති.
කොළඹ මහනුවර මාර්ගයේද දැඩි වාහන තදබදයක් පැවතිණ.
ඇතැම් වාහන හිමියන් පැවසූයේ පේරාදෙණියට යෑමට පැය හතකට ආසන්න කාලයක් ගතවූ බවයි.
අද (24) උඳුවප් පොහොය නිවාඩුව හා සිකුරාදා නත්තල් දිනයත් සමග දින හතරක දීර්ඝ නිවාඩුවක් ලැබීම නිසා බොහෝ දෙනා විනෝද හා වෙනත් ගමන්බිමන් යති.
කඩුවෙල පිවිසුම් මාර්ගය
ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඡායාරූප ක්‍රිෂාන් ජීවක ජයරුක්
ඡායාරූප අමිල මධුශංඛ
වීඩියෝ ක්‍රිෂාන් ජීවක ජයරුක්











